සිංහළේ අංගං ශාස්ත්‍රය අප දන්නා තරමින් අවුරුදු 33,000කට වඩා එපිට ඉතිහාසයකට උරුමකම් කියයි. අංගම් ශාස්ත්රයේ නිර්මාපකයන් ලෙස එවකට මේ රටේ සිටි යක්ෂ ගෝත්‍රිකයන් හැඳින්වීමට පුළුවන. මේ මාතෘභූමිය ආරක්ෂා කිරීම අංගං ශාස්ත්‍රය නිර්මාණය වීමේ මූලිකම හේතුවයි. අපේ මිනිසුන්ගේ ආත්මාරක්ෂාව මෙන්ම ඔවුන්ගේ යහපත් සෙෘඛ්‍යයත් අංගං ශාස්ත්‍රයෙන් බලාපොරොත්තු විය. මේ උතුම් වූ ශාස්ත්‍රය වසර ගණනාවක් මුළුල්ලේ විවිධ පරසතුරු උවදුරු වලින් සිංහළේ ආරක්ෂා කර රට ස්වයංපෝෂිත කිරීමට දායක විය. සිංහලයාට ඍජු කශේරුඛාවක් වී නම් ඒ මේ අංගං ශාස්ත්‍රය නිසා ය. අපේ පෞර්ෂය වුණේ මේ ශාස්ත්‍රයයි. අපි අදටත් කිසිවෙකුට යටත් නොවී නොබියව කතා කරන්නේ නම් මේ අංගං ශාස්ත්රයේ ආභාෂයෙනි. සීතාවක රාජධානියට සම්බන්ධ කොරතොටආරච්චි පරම්පරාවෙන් පැවතෙන මහන්තාරච්චිගේ අජන්ත පෙරේරා ගුරුතුමන් ඌරා ළිඳේ අංගං කෙටීමකට විවෘත අභියෝගයක් කරයි. අපටම ආවේණික අංගං ශාස්ත්රයේ සංගායනාවක් ලෙස මෙම අවස්ථාව දකින ඔහු, අංගං ශාස්ත්රයේ රොඩු බොරළු ඉවත් කර නිවැරදි ශාස්ත්‍රය අනාගත පරපුරට උරුම කර දීමේ භාරධූර කර්තව්‍යයකට අතගසා සිටී.
ඌරා ළිඳ යනු
සාම්ප්‍රදායික සිංහලයන්ගේ සටන් ක්‍රමය වන අංගං සටන් ශිල්පීන්ගේ දක්ෂතා උරගා බලන හෝ අංගං සටන් ඉගෙන ගන්නා ශිල්පීන් සටන් පුහුණු වන ස්ථාන ඌරා ළිඳ ලෙස හැඳින්වේ. මෙම ළිඳ සැකසී තිබෙන්නේ වල් ඌරන් ජලය බීමට යන ගල්වලින් සැකසුණු ළිඳක ආකාරයෙනි. මෙම ළිඳට වතුර බීමට යන ඌරන් එහි තිබෙන බෑවුම් ස්වාභාවය නිසා ලිස්සා ගොස් නැවත එන්නට බැරි ලෙස ජලයේ ගිලෙයි. එවැනි ස්වාභාවයකට මෙම ළිඳ සකසා තිබේ. මේ අනුව අඩි දහයක් උස අඩි පහළොවක් විශ්කම්භයක් සහිත පතුළ මඩකර තිබෙන මෙම ඌරා ළිඳෙහි සටන පෑ තැටියෙන් පැයක කාලයක් පුරා දිව යයි.
සිංහල තාස්යජනක ක්‍රීඩා නම් ප.එ.ප. දැරණියගල මහතාගේ කෘතියේ 7 වන පිටුවේ මෙම ඌරා ළිඳ පිළිබඳව පහත පරිදි සඳහන් කොට ඇත.
“ඌරා ළිඳ යනු ගල්පිලකවූ වතුර වළියි. වතුර බීමට එහි යන ඌරාට ගල් මූනත ඔප නිසා වළෙන් ගොඩ ඒමට බැරිවෙයි. ඌරා ළිඳේ සටන් කිරීම මෙසේ ය. සරඹශාලාවේ කවර ශිෂ්‍යෙයකු තමා අනිත් සගයනට වඩා සමත් යැයි සිතයි නම්, තම නම පිළිගන්නා මෙන් සිය ගුරුවරයා ගෙන් හා මුහන්දිරම්ගෙන් ඉල්ලා සිටිනු ඇත. මෙවැනි තවත් ඉල්ලීමක් ඇතිවූ පසු ඒ දෙදෙනා පොර වැටීමේ යොදනු ලැබේ. රියන් 30ක් දික්වුවද රියන් 7ක් ගැඹුරවූද ඌරා ළිඳ නමින් හැඳින්වෙන එම වල ඇතුලට දෙදෙන පිවිසෙන තෙක් උනුනොවුන් කවුදැයි සටන්කරවෝ නොදනිති....“
(ඉහත කෘතියේ සඳහන් වන්නේ ඌරා ළිඳේ සටනක් පැවැත්වෙක් එක් අවස්ථාවක් ගැන පමණක් බව සැලකිය යුතුයි.)
ඌරා ළිඳේ සටන
ඌරා ළිඳේ සටන් කරන ආකාර කීපයකට සටන් කරනු ලබයි.
පනික්කි රාළ තනතුර
අංගං මඩුවක ගුරුවරයා හෙවත් පනික්කිරාළ තෝරා ගැනීම සඳහාද ඌරා ළිඳේ සටන් යොදා ගනු ලබයි. මීට අමතරව අතීතියේ රජුන්ගේ අංගාරක්ෂකයන් (පුද්ගලික ආරක්ෂකයා) තෝරා ගන්නා ල්ද්දේද ඌරා ළිඳේ අංගං කෙටීමෙනි.

- අයෙකු අඩපණ වන තෙක් සටන් කිරීම
- මරණය තෙක් සටන් කිරීම
- පැයක් ඇතුළත් වැඩි දක්ෂතා මත ජයග්‍රහණය තීරණය කිරීම
- පරාජය භාර ගන්නා තෙක් සටන් කිරීම